අද සිට සෙමි ලක්සරි බස් තහනම්. - අතුරු තහනම් නියෝගයකුත් නිකුත් වෙයි.

Sri Lanka Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Jun 30, 2023 07:29 AM GMT
Report

අද (30) සිට අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථ සේවාව අහෝසිවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මගී ප්‍රවාහවය සදහා නිකුත් කර ඇති අර්ධ සුඛෝපභෝගී මගී සේවා අවසරපත්‍ර 2023.06.30 දිනට පෙර අදාළ අවසර පත්‍ර හිමියන්ගේ කැමැත්ත මත වෙනත් සේවාවක් සඳහා සංශෝධනය කර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථ සේවා අවසර පත්‍ර 2023.6.30 දිනට පෙර වෙනත් සේවාවකට සංශෝධනය කර ගත යුතුයි.   

කෙසේ වෙත්ත අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා නිකුත් කර තිබූ බලපත්‍ර 430ක් අහෝසි කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අන්තර් පළාත් පුද්ගලික බස් රථ සංගමය සහ එහි සාමාජිකයින් 28 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමකට අදාළවයි.

අදාළ පෙත්සම් පිළිබඳ විභාගය අගෝස්තු මස 28 වන දා පවත්වන බව දැනුම් දුන් අභියාචනාධිකරණය එදින ඒ පිළිබඳ කරුණු දක්වන ලෙස දන්වා ජාතික ප්‍රවාහන කොමිසම, එහි සභාපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු වගඋත්තරකරුවන් තිස් තුන් දෙනෙකු වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.

මෙම ගැටළුව අමාත්‍යවරයා සමග සාකච්ඡා කර විසඳුමක් සෙවීමට උත්සාහ කරන ලෙස ද තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන්