ආයුර්වේද සම්බාහනයට අමතරව වෙනත් දෙයකුත් කරලා.

Sri Lanka Police
By Gagana May 09, 2024 07:13 AM GMT
Report

ගල්කිස්ස කාසියා මාවතේ කාන්තාවක් විසින් ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට විකිණීමේ මධ්‍යස්ථානයක් වටලා එම කාන්තාව ඇතුළු කාන්තාවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශය පවසනවා.

එමෙන්ම ආයුර්වේදි සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය පවත්වාගෙන ගියත් කිසිදු වෛද්‍යවරයෙකු එම ස්ථානයේ රැඳී නොසිටි බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකාරියන් වයස අවුරුදු 25 සහ 37 අතර පසුවනනියන් වන අතර පානදුර ඇල්පිටිය නිට්ටම්බුව කැටමුලාව හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර ඔවුන් කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවල නිරත වන බවට තම නිවෙස් වලට පවසා මෙහි රැඳී සිටිමින් මෙම වෘත්තියේ යෙදෙන බවට ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත.

.................................................

May you Like