පිටට නොපෙන්වන ආඩම්බරකාරයෙක් වෙන්නේ මෙහෙමයි.

Sri Lanka
By Wayomi Jun 14, 2022 04:23 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අපි පුංචිම දෙකදී වුණත් ජීවිතයේ ගොඩක් වෙලාවට කාඩාගෙන වැටෙනවා. හැබැයි ඒ හැමදේකටම මුල අපේ හිත, සිතුවිලි. මේ දේවල් නඩත්තු නොකලාම වෙන්නේ තමන්ටවත් තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය බිඳ වැටෙන එක. ජීවිතයේ හැම පැත්තකින්ම අසාර්ථක වෙලා දුක් විදින්න වෙන එක. ඉතින් මේ කියන්නේ අසාර්ථක වීම සිදු වන්නේ කොපමණද, ඒවායින් අලුත් දේවල් ඉගෙන ගනිමින් ඔබට ඔබ ගැන අභිමානයක් ගොඩනඟා ගන්නේ කොහොමද කියලා.

* මුලින්ම ඔයා ගැන විශ්වාසය තබා ගන්න.

ඕනෑම දෙයක් ඔයාට තනිව කරන්න පුළුවන් කියලා තරයේ විශ්වාස කරන්න. හැමදාම බෑ කියලා පසු බහිනවට වඩා පුංචි හෝ දෙයක් තනිවම කරන්න උත්සහ කිරීමයි වැදගත් වෙන්නේ.

* ළඟින්ම ඉන්න යාලුවෝ ගැනත් හිතන්න. 

අලස ගති ඇති යාළුවන් මඟ හරින්න. නිතරම ධනාත්මකව හිතන යාළුවන්ව ආශ්‍රය කරන්න. එය ඔයාගේ ආත්ම විශ්වාසය ගොඩනැගෙන්න බලපානවා.

* අනිත් අයව ආදර්ශයට ගන්න.

ඔයාගේ ජීවිතයේ කඩාවැටීම් වලදී මානසිකව වැටෙන්න නැතිව, ජීවිතය ජයගත්ත පුද්ගලයන්ව ආදර්ශයට ගන්න. ඒ වගේම අසාර්ථක වූ අයගෙන් අත්දැකීම් ගන්න.

* කිසිම වෙලාවක සංසන්දනය කරන්න යන්න එපා.

ඔය කරන ලොකුම වැරැද්ද තමයි අන් අයත් එක්ක ඔයාව සංසන්දනය කරන එක. ඒකෙන් වෙන්නේ ඔයා, ඔයා ගැනම අවතාක්සේරු කරගැනීම. ඒ නිසා ඔයා ඔයාගේ සුවිශේෂිතාවය හඳුනාගෙන ඒවා වර්ධනය කරගත යුතුයි. ඔයාගේ දක්ෂතාවලට ඉඩදෙන්න. කිසිම වෙලාවක කිසිම දෙයකට පසුබට වෙන්න එපා.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW