මෙරට පිහිටි ඉන්දීය ආයතනයකට ප්‍රහාරයක්

By Sithumi Nov 11, 2022 05:28 PM GMT
Report

යාපනය මරුතඩි මාර්ගයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ පිවිසුම් දොරටුවට බෝතල් ප්‍රහාරයක් එල්ලකිරීමක් සමබන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙනඇත. 

 මේ බව යාපනය පොලීසිය ප්‍රකාශ කරයි. 

 කොන්සල් ජනරාල් කාර්යාලයේ පිවිසුම් දොරටුව සවිකොට ඇති ස්ථානයට කාර්යාලය ඉදිරියේ ඇති මරුතඩි මාර්ගයේ ධාවනය වූ වාහනයකින් මෙම බෝතල් ප්‍රහාරය එල්ල වීමෙන් පසුව එහි ආරක්ෂක නිලධාරියා විසින් ඒ බව කාර්යාල නිලධාරීනට දැනුම්දීමෙන් අනතුරුව එහි නිලධාරීන් විසින් යාපනය පොලීසියට දැනුම් දෙනු ලැබුවා.