පිය පුතු දෙපළට මරු කැදවූ බිහිසුණු අනතුර..

Sri Lanka Accident
By Sewvandhi දින 1 කට පෙර

 මෝටර් රථයක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පියෙකු සහ ඔහුගේ පුත්‍රයා මියගොස් තිබෙනවා.ඒ,මීගමුව - සීදුව, කොටුගොඩ මාර්ගයේදී.

මොවුන් දෙදෙනා පාපැදියෙන් ගමන්කරමින් සිටිය දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් තවත් මෝටර් රථයක් පසුකර යාමේදී අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මියගිය 45 හැවිරිදි පියා සහ 14 හැවිරිදි පුත්‍රයා සීදුව රද්දොලු මාවතේ පදිංචිකරුවන් වන අතර 41 හැවිරිදි මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now