තවාන් දාන ඇතැම් බීජ පැල නොවීමට හේතු.

Sri Lanka
By Wayomi Jun 02, 2022 09:37 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ දවස්වල හැමෝම වගාවට බැහැලා. ඔය වගා කරන අතර එක එක ගැටළු මතු වෙන්න පුළුවන්. මොකද සමහරු අලුත් ගොවියොනේ. ඉතින් මේ කියන්න යන්නෙත් වගා බීමේදී ඔබට ඇති විය හැකි එක්‌ ගැටළුවක් ගැනයි. ගොඩක් දෙනෙක් නගන මැසිවිල්ලක් තමයි තවාන් දමන සමහර බීජ ප්‍රරෝහණය එහෙමත් නැත්නම් පැල වෙන්නේ නැහැ කියලා.

සාමාන්‍යයෙන් බීජ කාලයක් ජලයේ පොඟවලා තමයි තවාන් දාන්නේ. හැබැයි සමහර බීජ ජලයේ පොඟවල විතරක් ප්‍රමාණවත් නැහැ. ඒකට වෙනත් විශේෂ ප්‍රතිකර්ම, එනම ක්‍රමවේදයන් අවශ්‍යයි. හැබැයි ඒ කොහොම වුණත් තවාන් දාන බීජ පැල නොවෙන්න විවිධ හේතු ඇති වෙන්න පුළුවන්.

? බීජවල ජීවි ගුණය නැති වී ගොස් තියෙන්න පුළුවන්. එය අපිට ඇසට නම් පෙන්නේ නැහැ. හැබැයි ඔබ නොදැනුවත් ව හෝ තවාන් දාලා තියෙන්නේ මැරුණු බීජ.

? ඒ වගේම නොමේරූ බීජ ද හොඳින් ප්‍රරෝහණය වෙන්නේ නැහැ.

? බීජ අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලයේ පෙඟවීම නිසා තවාන් කළ පසු කුනුවී යා හැකියි.

? තවානේ දී ද අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය යෙදීම.

? බීජ අඅවශ්‍ය ප්‍රමාණයට වඩා ගැඹුරෙන් සිටුවීම නිසා ද ප්‍රමාද වී ප්‍රරෝහණය වීම හෝ ප්‍රරෝහණය නොවීම සිදුවිය හැකියි. බීජයේ ඝනකමට වඩා වැඩි ගැඹුරකින් බීජ සිටුවීම නොකළ යුතුයි.

? අවශ්‍ය ප්‍රමාණයට ජලය නොමැතිව තවාන වියළීම.

? තවාන් මාධ්‍යය ජීවානුහරණය නොකර තිබීම නිසා, දිලීර ආසාදනයන් හේතුවීම.

? තවානක නොසිටවා බීජ කෙලින්ම ක්ෂේත්‍රයේ සිටවූ පසුද ඉහත හේතූන් නිසාම පැල මතු නොවීම සිදු විය හැකියි.

? ඒ වගේම කුහුඹුවන් වැනි කුඩා සතුන් ගේ හානි නිසා ද බීජ පැල වෙන්නේ නැහැ.   


 ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 

JOIN NOW