ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ බලය ලංකාවට හිමි වෙයි..
ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කලාපයේ රටවල් තීරණයකට එළැඹ තිබෙන බව වාර්තා වනවා.
ඒ, මොරිසස් දිවයිනේ පැවැති ආරක්ෂක උපදේශකවරුන්ගේ සමුළුවේ දීයි. ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ කොළඹ ආරක්ෂක ප්‍රකාශය ද මෙහිදී එළිදක්වා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාව සහ දකුණු ආසියා කලාපයේ සාගරය ආශ්‍රිත රටවල්වල සහ දකුණු අප්‍රිකා රටවල නියෝජිතයෝ ද මෙම සමුළුවට සහභාගි වූ බවයි වාර්තා වන්නේ.
ඉහත යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතායි.
ඊට සමුළුව එකඟතාව පළ කර ඇති අතර ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ සියලු කටයුතු ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙනු කිරීම විශේෂත්වයක්.
ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ලබන ජනවාරියේ දී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවීමට නියමිත බවයි පැවසෙන්නේ.
වැඩිදුරටත් වාර්තා වන්නේ, ඉන් අනතුරුව එය ස්ථීර ගොඩනැඟිල්ලක ස්ථාපිත කිරීමට නියමිත බවයි.