මුහුද ගොඩ ගලයි - සීයකට වැඩි පවුල් ගාණක් වහාම ආරක්ෂිත ස්ථාන කරා.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS)
මන්නාරම නානාට්ටන් ප්‍රදේශයේ නිවාස 23 ක් තුළට මුහුදු ජලය ගලා ඇවිත් තිබෙනවා.
ඒ හේතුවෙන් එම නිවාසවල ජීවත් වූ පුද්ගලයින් 126ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට කටයුතු කර තිබෙනවා.
මුහුදු ජලය ගොඩට ඒමත් සමඟම ධීවරයින් ඔවුන්ට අයත් වෙරලේ නවතා තිබූ බෝට්ටු 150ක් පමණ මුහුදු වෙරලෙන් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව නානාට්ටන් ප්‍රදේශයේ පිට්ටනියක් වෙත බෝට්ටු රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
නානාට්ටන් ප්‍රදේශයේ ධීවරයින් විසින් කකුලුවන් හා ඉස්සන් ඇල්ලීමට මුහුදේ දමා තිබූ දැල් විශාල ප්‍රමාණයක් මුහුදට ගසා ගෙන ගොස් ඇති බව ද වාර්තා විය.
එම සිද්ධිය සැල වූ වහාම දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් යන අය එම ස්ථානයට ගොස් තිබෙනවා.
පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්‍රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)
එහිදී ධීවරයින් හා නිලධාරීන් හමු වී විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සලසා දීම සම්බන්ධයෙන් සාකච්ඡා ද කර ඇති බව වාර්තා විය.
කෙසේ වෙතත්, එම ප්‍රදේශයේ මුහුද ආසන්නයේ ජීවත් වන සෙසු පවුල් වලට ද ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් දී ලබා දී තිබෙනවා.
එමෙන්ම, ධීවරයින්ට ද මුහුදු යාමෙන් වැළකී සිටින ලෙස ද උපදෙස් දී ඇත.