උත්තර පත්‍ර පරීක්ෂාව ගැන ලංකා ගුරු සංගමය කියන දේ.
Sri Lanka
G.C.E.(A/L) Examination
By krishani
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව කොටස් වශයෙන් සිදු කිරීම ප්‍රතිඵලදායක නොවන බව ලංකා ගුරු සංගමය පවසයි.
දෙමළ භාෂා විභාග ප්‍රශ්නපත්‍ර පමණක් පරීක්ෂා කිරීම පෙරේදා(22) ආරම්භ කෙරුණද, එය සමස්ත ක්‍රියාවලියට යහපත් නොවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ ය.
මේ අතර, ගුරු මාරු සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පෙරේදා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
එහි දී උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සම්බන්දයෙන් ද සාකච්ඡාවට ලක් විය.
ඒ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ලංකා ගුරු සංගමයේ උප සභාපති රසිකා හඳපාන්ගොඩ කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |