මොකක්ද මේ අද හැම පාසලකම කරන්න යන දෙය.. හෙටින් පස්සේ.. ආරංචිය මෙන්න..

Sri Lankan Schools School Incident Latest Headlines Decision Making Teachers
By krishani Jun 30, 2024 11:44 PM GMT
Report

කොළඹ දී පැවැත් වූ ගුරු – විදුහල්පති විරෝධතාවයට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට, එරෙහිව අද (01) සියලු පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා මෙරට ප්‍රධාන ජාතික පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

මොකක්ද මේ අද හැම පාසලකම කරන්න යන දෙය.. හෙටින් පස්සේ.. ආරංචිය මෙන්න.. | Schools In Sri Lanka 01St July 2024

එමෙන්ම ඒ මහතා කියා සිටියේ, එම පොලිස් ප්‍රහාරයට එරෙහිව හෙට පස්වරු 2.00ට සෑම පාසලක් ඉදිරිපිටම ගුරු – විදුහල්පතිවරුන් දෙමාපියන් එක්ව විරෝධය පා උද්ඝෝෂණ ව්‍යාපාරයේ නිරතවන බවයි.

මීට අමතරව ජුලි 04 වැනිදා බ්‍රහස්පතින්දා සියලු වෘත්තීය සමිති කොළඹට කැඳවා මෙම ගුරු – විදුහල්පති ප්‍රහාරය පිළිබඳව සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව වැඩිදුරටත් හෙතෙම කියා සිටියේ ය.

ගුරු – විදුහල්පති ගැටලුව විසඳීමට ආණ්ඩුව තවදුරටත් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බව ඔහු කියා සිටියේ ය.

රටම අවදියෙන් බලා හිටිය, ඊයේ රෑ වුණ ඉන්ධන මිලේ වෙනස - පොකට් එකට දැනෙන ගාණකින් ද?. විස්තරය මෙන්න..

රටම අවදියෙන් බලා හිටිය, ඊයේ රෑ වුණ ඉන්ධන මිලේ වෙනස - පොකට් එකට දැනෙන ගාණකින් ද?. විස්තරය මෙන්න..


කෙසේ වෙතත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ විරෝධතාවය අතරතුර පොලිසිය එල්ල කළ ප්‍රහාරයන් හමුවේ ගුරුවරුන් 10 දෙනකු තුවාල ලැබූ බවයි.