ලබන සඳුදා පාසල් නිවාඩු දිනයක් ලෙස හදිසියේ ප්‍රකාශයට පත් කරයි..හැබැයි මේ අයට පමණයි..

Ministry of Education Parliament of Sri Lanka Central Province Sri Lankan Schools Education
By Aruna Nov 08, 2023 06:52 AM GMT
Report

දිවාලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට සඳුදා (13) විශේෂ නිවාඩුවක් ලබාදී තිබේ.

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදබණ්ඩි රමේෂ්වරන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ ලලිත් යූ ගමගේ මහතාගෙන් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබිණි.

එම ඉල්ලීම පිළිගනිමින් මධ්‍යම පළාතේ දෙමළ පාසල් ලබන සෙනසුරාදා (18) දිනයේ අධ්‍යාපන කටයුතු සඳහා සඳුදා නිවාඩු දිනය වෙනුවට පාසල් දිනයක් ලෙස පැවැත්වීමට කටයුතු කරන බවට, ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

තම ඉල්ලීම පිළිගෙන දෙමළ ජනතාවගේ ප්‍රධාන උත්සවයක් වන දීපවාලි උත්සවය වෙනුවෙන් විශේෂ නිවාඩුවක් ලබාදීමට පියවර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් ආණ්ඩුකාරවරයාට ස්තුතිය පළ කළ කර තිබෙනවා