දිය වැලකට හසුවූ පාසල් සිසුවා පියාගේ බෙල්ලෙ එල්ලෙයි..සිදුවූ අවාසනාවන්ත දේ මෙන්න(VIDEO)

Accident Sri Lanka Panadura Beach schoolboy-goes-missing-after-drowning
By Aruna Jan 18, 2022 04:47 AM GMT
Report

පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදන් ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ, මේවන තෙක් ඔහු පිළිබඳ තොරතුරක් ලැබී නොමැති බවයි.

පානදුර එලුවිල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි එම පාසල් සිසුවා ඊයේ (17) සවස දිය නෑමට පානදුර වෙරළ තීරයට ගොස් ඇත්තේ සිය සහෝදරයා සහ පියා සමගයි.

දිය නාමින් සිටියදී සිසුවා එක්වරම දිය වැලකට හසුවී ඇති අතර දිවි බේරාගැනීම සඳහා පියාගේ ගෙලේ එල්ලීමට උත්සාහ දරා ඇති නමුත් සිසුවා එම අවස්ථාවේ දී අතුරුදන් ව ඇත.

පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කර ඇති අතර මේ වන තෙක් සිසුවා පිළිබඳ කිසිදු තොරතුරක් හමුවී නොමැති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now