ලබන මාසය අවසන්වීමට පෙර රට පුරා සියලු පාසල් වලට ලැබෙන දේ මෙන්න..
දැනට හිඟව පවතින සියලු පෙළ පොත් ලබන මාසය අවසානයට පෙර පාසල්වලට ලබාදීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට මුද්‍රණය අවසන් කළ පෙළ පොත් පාසල්වලට බෙදා හරිමින් ඇති බවයි.
බස්නාහිර පළාතේ පාසල් සඳහා දෙපාර්තමේන්තුව හරහා සෘජුවම පොත් බෙදා හරිනු ඇති.
පාසල් සිසුන්ගේ විෂයන්ට අදාළ විවිධ ශ්‍රේණිවල හිඟව පවතින වැඩපොත් ද එලෙස බෙදා හරින පොත් අතරට ඇතුළත් බවයි පැවසෙන්නේ.
මෙවර පෙළ පොත් මිලියන 33 ක් මුද්‍රණය කර ඇති අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 16000 ක්.
මේ අතර පාසල් ළමයින්ගේ සපත්තු සහ බෑග් මිල මැයි මස 09 වැනිදායින් පසු රුපියල් 500ත් 1000ත් අතර මිලකින් අඩු කිරීමට එම නිෂ්පාදකයෝ මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය සමග පැවති සාකච්ඡාවකදී එකගතාවය පළකර ඇතැයි වාර්තා වනවා.
මෙම සාකච්ඡාව මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (25 වැනිදා) සවස පැවැත්වූ අතර, සාකච්ඡාව සඳහා පාසල් බෑග් නිෂ්පාදකයන් සහ සපත්තු නිෂ්පාදකයෝ රැසක් සහභාගිවී සිටි බවයි පැවසෙන්නේ.
ඩොලරයේ අගය අඩුවී තිබෙන බැවින් පාසල් බෑග් සහ සපත්තු නිෂ්පාදනවලට යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල අඩුවී තිබෙන බවත්, එහි වාසිය පාසල් ළමුන්ට ලබා දෙන ලෙසත් මෙහිදී රාජ්‍ය ඇමැතිවරයා නිෂ්පාදකයන්ට කියා සිටියා.
ඒ අනුව මැයි 09 වැනිදායින් පසුව පාසල් බෑග් සහ සපත්තුවල මිල රුපියල් 500ත් 1000ත් අතර මිලකින් අඩුකිරීමට නිෂ්පාදකයන් එකඟතාවය පළකර ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |