පාසල් වේලාව වෙනස් වෙයි - අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණය..!

Sri Lanka ministry of education Educatio school time
By Sewvandhi Apr 05, 2022 06:19 PM GMT
Report

ලබන වාරයේ සිට පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම වසරට ( 2022) අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීම සඳහා දින 139ක් වැනි සීමිත කාලයක් පැවතීම මෙම තීරණයට හේතු වී තිබෙන අතර වේලාව පැයකින් දීර්ඝ කිරීම නිසා දින විස්සක පමණ අමතර ඉගැන්වීම් කාලයක් ලබා ගැනීමට හැකි වන බව අමාත්‍යාංශයේ අපේක්ෂාවයි. 

වේලාව දීර්ඝ කිරීමෙන් පසුවත් විෂය නිර්දේශ ආවරණය කර ගත නොහැකි වන්නේ නම් තෙවැනි වාරයේ දී සෙනසුරාදාවන්හි පාසල් පැවත්වීම කෙරෙහි ද අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now