පාසල් කාලය උදේ 8.00 සිට සවස 4.00 දක්වා දීර්ඝ කරයි?..පාසල් 100 කටත් විශේෂ අවස්ථාවක්..
Ministry of Education
Ranil Wickremesinghe
President of Sri lanka
Sri Lankan Schools
Education
By Aruna
පාසල් කාලසීමාව උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා වෙත ඉදිරිපත් කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
ගාල්ල - ජාකොටුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකින් අනතුරුව ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පාසල් සිසුන් ක්‍රීඩාව සඳහා උනන්දු කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.
මේ අතර, පාසල් සිසුන් අතර කොටස් වෙළෙඳපොළ පිළිබඳ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පාසල් 100ක ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ පිහිටුවීමට සැලසුම් කර තිබේ.
එහි සමාරම්භක උත්සවය මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරු 10.00 පැවැත්වුණා.