පලාත් දෙකක ගුරුවරුන් පිරිසකට සුබම සුබ ආරංචියක්..

Ministry of Education Douglas Devananda Nothern Province Eastern Province Education
By Aruna 2 years ago
Report

යුද සමයේ සිට උතුරු නැගෙනහිර පළාත්වල රජයේ පාසල්වල සේවය කරන ස්වේච්ඡා ගුරුවරු 249 දෙනෙකුගේ සේවය වහාම ස්ථිර කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පසුගිය 30 වන දා යාපනයේදී පවසා ප්‍රකාශ කළා.

සිය සේවය ස්ථිර කර දෙන ලෙස ඉල්ලා සිටීමට උතුරු නැගෙනහිර ස්වේච්ඡා ගුරු සංගමයේ නියෝජිතයින් පිරිසක් අමාත්‍යවරයා හමු වීමට ගිය අවස්ථාවේදී මේ බව පැවසුවා.

උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා එම සංගමය ගත වූ කාලය තුළ විරෝධතා උද්ඝෝෂණ හා උපවාස 289ක් උතුරු නැගෙනහිර ප්‍රදේශ පුරා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ, යුද සමයේදී හා ඊට පසුව උතුරු නැගෙනහිර පාසල්වලට පැමිණීමට දකුණේ විශාල පිරිසක් අකැමති වීම හේතුවෙන් මෙම පළාත්වල සේවය කිරීමට පළාතේ සුදුසුකම් ඇති පිරිසක් ස්වේච්ඡා ගුරුවරු වශයෙන් බදවා ගෙන තිබූ බවයි.

මේ අන්දමට උතුරු ප්‍රදේශය තුළ ස්වේච්ඡා ගුරුවරු 62 ක්ද නැගෙනහිර පළාතේ ස්වේච්ඡා ගුරුවරු 187 ක්ද සේවය කරන අතර ඔවුන්ගෙන් ඇතමෙක්ගේ සේවා කාලය අවුරුදු 15 ද ඉක්මවා තිබෙන බව වාර්තා වනවා.