ගුරුවරියකගේ දෑත් දෙපා බැඳ දේපල සොරාගනී

Kilinochchi Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 30, 2023 04:17 PM GMT
Report

කිලිනොච්චිය පොලීසිය විසින්, කිලිනොච්චියේ පදිංචි ගුරුවරියකගේ දෑත් දෙපා ගැටගසා ඇය සතු රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමින් යුතු දේපළ සොරාගත් කණ්ඩායම සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ, කිලිනොච්චිය උරුත්තිරපුරම් ප්‍රදේශයේ පදිංචි ගුරුවරියගෙ නිවසට පැමිණි එම පුද්ගලයන් නිවස තුළ වූ රන් භාණ්ඩ සොරා ගැනීමෙන් අනතුරුව නිවස ඉදිරිපිට තිබූ ඇයගේ යතුරුපැදිය ද රැගෙන පලාගොස් ඇති බවයි.

කිලිනොච්චිය පොලීසිය පැවසුවේ, ප්‍රදේශයේ ඇති සීසීටීවී කැමරා නිරීක්ෂණය කරමින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් සිදුකරන බවයි.