මාල මංකොල්ලකෑම අතටම අල්ලගත්ත පොලීසියේ දේවකාරිය

By Sithumi Dec 01, 2022 03:09 PM GMT
Report

බත්තරමුල්ලේ දී හංදියේ දී අද (1) පෙරවරුවේ මහමග ගමන් තරුණියගේ රන් මාලයක් කඩාගෙන යතුරු පැදියෙන් පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනකු පොල්දූව මංසද්ධියේ දී වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් සැකකරුවෙක් අත්අඩංගුවට පත් වීමත් සමග අනෙක් සැකකරු අවට පිරිස බියගන්වා අඩුවක් අතින් ගෙන දියත උයන වෙත දිවිගොස් ඇති අතර, පොලිසිය, හමුදාව, සහ ප්‍රදේශ වාසීන් මීටර් 500 ක් පමණ දුර සැකකරු හඹාගොස් පොල්දූව පාළම අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අද පෙරවරුවේ සිට තියුණු ආයුධ පෙන්වා තලංගම පොලිස් වසමේ ස්ථාන කිහිපයක කොල්ල කෑම සිදුකර පලා යමින් සිටියදී බත්තරමුල්ල හංදියේ මව සමග ගමන් කරමින් සිටි තරුණියගේ රන් මාලය ද කඩාගෙන වැලිකඩ දෙසට ගමන් කරමින් සිටියදී බත්තරමුල්ලේ දී පොලිස් රථවාහන නිලධාරීන් සිද්ධිය පොල්දූව රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු, පොලිස් නිලධාරීන් සැකකරුවන් ගමන්ගත් යතුරු පැදිය එක් සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් අවස්ථාවේ අනෙක් සැකකරු කඩුව රැගෙන දියත උයන දෙසට දිවගොස් පලා යාමට උත්සහ ගෙන තිබෙනවා සැකකරුවන් දෙදෙනා සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසනවා.