පාසල් සිසුවෙක්ට තවත් සිසුවෙක් පහරදීමෙන් අවාසනාවන්ත ලෙස මියයයි..
ඊයේ (05) සවස හම්බන්තොට පොලිස් වසමේ සිප්පිකුලම ප්‍රදේශයේ දී පාසල් සිසුවෙක් තවත් පාසල් සිසුවෙකුට සිදුකළ පහරදීමෙන් අවාසනාවන්ත ලෙස මිය ගිය පුවතක් වාර්තා වනවා.
මෙම පහරදීම හේතුවෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා මියයෑම සම්බන්ධයෙන් පොලීසිය ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවයි පැවසුවේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 15 හැවිරිදි බැද්දෙවෙල පාර, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් බවයි පැවසෙන්නේ.
ඔහු හම්බන්තොට නගරයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඊයේ උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා සිප්පිකුලම ප්‍රදේශයට ගොස් තිබූ අතරවාරයේ අවාසනාවන්ත ලෙස මෙම ඉරණමට මුහුණදී ඇත.
එහිදී හම්බන්තොට වෙනත් පාසලක සිසුවෙකු විසින් අදාළ උපකාරක පන්තිය අසලට ගොස් 10 වන ශ්‍රේණියේ සිසුවාට පහරදී තිබෙන බවයි පැවසෙන්නේ.
මෙම සිසුන් දෙදෙනා අතර පැවති ආරවුලක් ගැටුමට හේතුවී ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
කෙසේවෙතත් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවා ව මේ වනවිට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.