පාසල් සිසුවෙක් විදුලි පංකාවක ගැටී අවාසනාවන්ත ලෙස මියයයි..

Accident Death Sri Lankan Schools Education
By Aruna Oct 05, 2023 01:08 AM GMT
Report

පුස්සැල්ලාව හින්දු ජාතික පාසලේ පැවති උත්සවයක්‌ අවසන්වීමෙන්‌ පසු පාසලේ ඉගෙනුම ලබන පිරිමි දරුවෙකු විදුලි පංකාවක ගැටී තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත්‌ කර ප්‍රථිකාර ලබමින්‌ සිටියදී, මියගොස්‌ තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

මියගිය පිරිමි දරුවා වයස අවුරුදු 14 ක්වූ ඩෙල්ටා දකුණ කොටස, පුපුරැස්ස ප්‍රදේශයේ පදිංචි පාසල්‌ සිසුවෙක් බවයි පැවසෙන්නේ.

පොලිසිය සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, මියගිය පාසල්‌ සිසුවා තවත්‌ ළමුන්‌ කිහිපදෙනෙකු සමග සෙල්ලම්‌ කරමින්‌ සිටියදී පංති කාමරයේ පුටුවක්‌ ආධාරයෙන්‌ මේසයක්‌ මතට නැඟිමේදී සිවිලිමේ සචිකර තිබූ විදුලි පංකාවක්‌ හිසේ ගැටී තුවාල වී ඇති බවටයි.

මෘත ශරීරය ගම්පොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර ඇති අතර පශ්චාත්‌ මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතයි.