සියලු පාසල් සම්බන්ධයෙන් ලඟදීම කරන්න යන දේ මෙන්න..

Ministry of Education Bandula Gunawardane Sri Lanka
By Aruna Jun 06, 2022 05:24 AM GMT
Report

රජයේ පාසැල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල්වල පළමු වාරයේ දෙවන අදියර අද ආරම්භ වුණා.

මෙම වසරේ මාස 06 ක් ගතවී ඇතත් තවමත් ක්‍රියාත්මක වන්නේ පළමු පාසැල් වාරයයි.

ඒ අනුව පාසැල් විෂය නිර්දේශයේ පළමු පාසැල් වාරයට අදාළ කොටස නියමිත කාලයට අවසන් කර ගැනීමට හැකියාව පවතින්නේ දැයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමසීමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක පැවසුවේ, ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව හා එහිදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

මේ අතර පාසැල් සිසුන්ට අවශ්‍ය පාසැල් නිල ඇඳුම් රෙදි චීනයෙන් ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

අවශ්‍ය ප්‍රමාණයෙන් සියයට 50 ක් ලබාදීමට චීනය මේ වනවිටත් එකගතාව පළ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසුවේ.

කෙසේවෙතත් පාසැල් සිසුන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි සම්පූර්ණ තොගය චීනයෙන් ලබාගැනීම සඳහා එළඹෙන සතියේ මෙරට චීන තානාපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළා.

මේ අතර 2023 වසරට අවශ්‍ය පාසැල් පෙළ පොත්වල මුද්‍රණ කටයුතු මේ මාසය අවසන් වනවිට ආරම්භ කළ යුතු වනවා.

ඒ සඳහා ඉන්දීය ණය ආධාර යටතේ පෙළ පොත් මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now