පාසලකට දැවැන්ත ප්‍රහාරයක්..30ක් මියයයි..100කට වැඩි පිරිසක් තුවාල ලබයි.(VIDEO)
                                    
                    Israel
                
                                                
                    Death
                
                                                
                    World
                
                                                
                    Israel-Hamas War
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    මධ්‍යම ගාසා තීරයේ ඩීර් අල්-බාලා නගරය අසල පාසලකට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් 30 දෙනෙකු මිය ගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඊශ්‍රායලය විසින් ප්‍රකාශ කර ඇත්තේ, හමාස් සංවිධානය, ප්‍රහාර මෙහෙයවීමට සහ ආයුධ ගබඩා කිරීමට රහස් ස්ථානයක් ලෙස මෙම ස්ථානය භාවිතා කිරීම හේතුවෙන් ප්‍රහාරය එල්ල කළ බවටයි.
කෙසේ වෙතත් ප්‍රහාරයෙන් සිවිල් වැසියන් තුවාල ලබා ඇති අතර, ඉන් වැඩි පිරිසක් දරුවන් බවයි හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.