එක් පළාතක සතියේ දින පහේම පාසල් පැවැත්වීමට තීරණය කෙරේ - වැඩි විස්තර මෙතනින්

Ministry of Education Sri Lanka Southern Province
By Sewvandhi Jul 24, 2022 08:04 AM GMT
Report

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (25) සිට යළිත් විවෘත කිරීමට නියමිතව ඇති අතර, දකුණු පළාතේ පාසල් හෙට සිට ලබන 29 වනදා දක්වා සතියේ දින පහේම පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා සඳහන් කළේ පාසල්වලට පැමිණීමට අපහසු විදුහල්පතිවරුන්, නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට බලපෑමක් නොවන ආකාරයට අදාළ තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා තීරණය කළේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ සතියට දින 3 ක් පමණක් පාසල් පැවැත්වීමටයි.

ඒ අනුව හෙට සිට නැවත දැනුම් දෙනතුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින තුන පමණක් සාමාන්‍ය වේලාවන්හි දී පාසල් පැවැත්විය යුතු අතර, එලෙස පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවල දරුවන්ට නිවෙස්පාදක ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකළ යුතුයි.

මේ අතර, පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ සඳහා ඊයේ පස්වරු 3 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now