පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් හෙට (15) සිට සතියේ දින පහම සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ,ප්‍රවාහන පහසුකම් අඩුවීම නිසා යම් ගැටලුවලට මුහුණදුන් ගුරුවරුන්ට හා දරුවන් සම්බන්ධයෙන් සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇති බවය.
"අපි හෙට ඉඳලා දින 5හම සාමාන්‍ය පරිදි 7.30 සිට 1.30 දක්වා දිනපතා පාසල් පැවැත්වෙනවා. ඒ වගේම යම් විදියකින් දුෂ්කර ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් අඩුවීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ ගුරුවරු, විදුල්පතිවරු හෝ නොපැමිණි දරුවන් වෙනුවෙන් පාසල් පදනමින් විදුහල්පතිවරුන්ට ඒ සම්බන්ධයෙන් සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් චක්‍රලේඛයක් මඟින් පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් හරහා ඒ පළාත්වල පාසල් වෙත ලැබීමට කටයුතු කරලා තියෙනවා.
මේ වනවිට අපි අපොස උසස් පෙළ මෙවර විභාගයට පෙනී සිටින දරුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රධාන විෂයන් 24ක් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මාර්ගයෙන් සැසි පවත්වාගෙන යනවා ඔන්ලයින් ඔස්සේ. ඉතා හොඳ සහභාගීත්වයක් තියෙනවා ගුරුවරුන්ගේ. ඒ ගුරුවරුන්ගේ මාර්ගයෙන් සැප්තැම්බර් මාසයේ සිට මාස තුනක් අඛණ්ඩය පාසල තුළ හා අතිරේක වශයෙන් ඒ අයට පාඩම් පිළිබඳව දැනුවත් කිරීම්, සටහන් ලබාදීම සියල්ල සුදානම් කරලා තියෙනවා."
ඉන්ධන හිඟය මත ඇති වූ අපහසුතාව මත කොළඹ අධ්‍යාපන කලාපයේ සහ සෙසු පළාත්වල නගරබද පාසල් ජූනි 27 වැනිදා සිට සතියට දින 3ක් පමණක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේය. එවන් පසුබිමක රටේ ඇති වූ කලහකාරී වාතාවරණය හේතුවෙන් සති කිහිපයක් සම්පූර්ණයෙන් පාසල් වසාතැබීමට සිදුවුණි.
අනතුරුව ජූලි 25 වැනිදා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අධ්‍යයන කටයුතු සදහා යළි ආරම්භ වුණත් සාමාන්‍ය පරිදි පැවැත්වුණේ සඳුදා, අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින 3 තුළ පමණයි. පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවල නිවෙස් පාදක ක්‍රියාකාරකම් හෝ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉගැන්වීම් සිදුකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබුණි.
කෙසේ වෙතත් රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් හෙට සිට සතියේ දින පහම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඒ අනුව සාමාන්‍ය වේලාවන් තුළදී එනම් පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් පැවැත්වෙනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |