රට පුරා සියලු පාසල් සිසුන්ට අද සිට අගෝස්තු 17 දක්වා අලුත් වාරය ඇරඹෙයි..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Sri Lankan Schools Education
By Aruna Jul 24, 2023 12:00 AM GMT
Report

රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් 2023 වසරේ දෙවන පාසල් වාරය අද(24) දිනයෙන් ආරම්භ වනවා.

2023 වසර සඳහා වන දෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු මස 17 වනදා දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

අගෝස්තු මාසයේ පාසල් නිවාඩු අගෝස්තු 18 සිට අගෝස්තු 27 දක්වා සතියකට සීමා කිරීමට නියමිතයි. දෙවන පාසල් වාරයේ දෙවන අදියර අගෝස්තු මස 28 වනදා ආරම්භ වන අතර එය ඔක්තෝම්බර් මස 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

මේ අනුව, තුන්වන පාසල් වාරය ආරම්භ වන්නේ ඔක්තොම්බර් 30 වනදායි. අපොස උසස් පෙළ විභාගය සඳහා නොවැම්බර් 25 සිට දෙසැම්බර් 31 දක්වා නැවත වරක් පාසල් වසා තැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

තෙවන වාරයේ අවසන් අදියර සඳහා 2024 ජනවාරි 01 වන දින පාසල් නැවත විවෘත කෙරෙනු ඇති.

2023 අධ්‍යයන වර්ෂය සඳහා වන තුන්වන පාසල් වාරය 2024 පෙබරවාරි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.