රට පුරා සියලුම පාසල් ආරම්භය ගැන පණිවුඩයක්..නව චක්‍ර ලේඛයකුත් එයි..
සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (17) දින සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 05 වැනිදා සිට පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගැණුනා.
පාසල් වාර සටහනට අනුව එම නිවාඩුවෙන් පසු පාසල් යළිත් අද දිනයේ සිට ආරම්භ කරන බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පාසල් සඳහා මැයි මස 13 වැනිදා සිට යළි නිවාඩු ලබාදීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රමාදය හේතුවෙන් එම විභාගය සති දෙකකින් කල් දැමීමට සිදුවන බවයි විභාග දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේ.
සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා සිට ජුනි මස 08 වැනිදා දක්වා පැවැත්වෙන අතර එම විභාගය හේතුවෙන් පාසල් සඳහා නිවාඩු ලබාදෙන ආකාරය පසුව දැනුම් දීමට නියමිතව ඇත.
මේ අතර, අප්‍රේල් මස 20වන දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛය නිකුත් කරන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කරනු නොලබන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ, වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කරමින් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා අද සිට සහභාගී වන බවයි.
නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා.
අද දිනයේ සිට විශ්වවිද්‍යාල දේශන කටයුතු ආරම්භ කළ ද උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු තවදුරටත් වර්ජනය කරන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |