යළි පාසල් පැවැත්වීම ගැන අවසන් තීරණය..!! අද කරන්න යන දේ මෙන්න..
Ministry of Education
A D Susil Premajayantha
Bandula Gunawardane
Sri Lanka
By Aruna
ලබන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද(09 දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍යංශයේදීයි.
අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට අමාත්‍යංශ නිලධාරීන් සහ අධ්‍යාපන බලධාරීන් එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
රට තුල පවතින තත්වය හමුවේ දිවයින පුරා සියලු පාසල් ඊයේ(08) දින දක්වා වසා තැබීමට මීට පෙර තීරණය කර තිබුණා.
මේ අතර, ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ අයදුම් පත්‍ර භාර ගන්නා අවසන් දිනය ලබන අගෝස්තු පළමු වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ රට තුල පවතින අර්බුදකාරී තත්වය හමුවේ දෙමව්පියන්ගෙන් ලැබෙන ඉල්ලීම් සළකා බලමින් එම තීරණයට එළඹි බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |