හෙට සිට පාසල් පැවැත්වෙන්නෙ මෙහෙමයි..

Ministry of Education Sri Lanka
By Aruna Jun 19, 2022 02:19 AM GMT
Report

ජූනි 20 වන දා සිට ජූනි 24 වන දා දක්වා සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව හා සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් මෙම සතියේදී නොපැවැත්වීමට තීරණය කර ඇත.

එම අමාත්‍යංශය සඳහන් කළේ, ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරීමට බස්නාහිර ඇතුළු සියලු පළාත් අධ්‍යාපන නිලධාරින්ට අවසර ලබා දී ඇති බව ය.

ඒ අනුව, ප්‍රාදේශීය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල්වල සිසුන්ට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ප්‍රවාහන අපහසුතා බල නොපාන තත්ත්වයන් යටතේ එම පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමට පළාත් අධ්‍යාපන බලධාරීන්ට අවසර ලබා දීමටයි තීරණය කර ඇත.

එමෙන් ම, යම් පාසලක පැමිණීමට නොහැකිවන සිසුන් සහ ගුරුවරුන් සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදී එම තත්ත්වය මත ද පාසල පවත්වාගැනීමට හැකියාවක් පවතින්නේ නම් ඒ සඳහා විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග සාකච්ඡා කර සිදුසු පියවර ගැනීම සඳහා අවසර ලබා දී තිබේ.

පාසල පැවැත්වුණ ද යම් සිසුන් කණ්ඩායමකට සහභාගි වීමට නොහැකි නම්, එම සිසුන් සඳහා ඉන්ටර්නෙට් ඔස්සේ ඉගැන්වීම සඳහා පහසුකම් ද පවතින්නේ නම්, එම ක්‍රමය භාවිත කිරීමට හැකියාව පවතී. අදාළ නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery