අද පාසල් ආරම්භයට ගුරුවරු විරුද්ධ වෙයි.. යළි පාසල් වහන්න වෙයිද?
පවතින අර්බුධකාරී තත්ත්වය යටතේ අද දිනයේදී නව පාසල් වාරය ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිසුන්ට අවශ්‍ය පහසුකම් පිළිබද කිසිදු අවධානයක් යොමු නොකර බව ලංකා ගුරු සංගමය පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.
මේ අතර සියලුම රජයේ පාසල්වල 2022 පළමු වාරය අද අප්‍රේල් 18 වැනිදා නැවත ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙහිදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටවූ බවයි.
කොවිඩ් වසංගතය නිසා බොහෝ කාලයක් මෙරට පාසල් වසා තිබුණා.
මේ හේතුවෙන් සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා සිදු වූ පාඩුව ඉතා විශාල යි.
මේ හේතුවෙන් සිදු වූ අතපසු වීම් මඟ හරවා ගැනීම සඳහායි පාසල් කාලය සඳහා අතිරේක කාලයක් එකතු කිරීමට මින් පෙර යෝජනා වී තිබුණේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |