ඉදිරි සති දෙකේ පාසල් වසා දැමීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්..!
ඉන්ධන අර්බුදය හමුවේ රජය විසින් ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් හා සමගාමීව පාසල් පැවැත්වීමේ කටයුතු සහ මාර්ගගත අධ්‍යාපනය කටයුතු සැලසුම් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඇතැම් විට සති දෙකක හෝ තුනක කාලයක් සඳහා පාසල් වසා දැමීමට සිදු වූවොත් ඒ හා හරහා සිදුවන විෂය නිර්දේශ මගහැරීම් ආවරණය කර ගැනීම සඳහා අගෝස්තු නිවාඩුවෙන් අඩුකර එම කටයුතු සිදු කිරීමට මේ වන විටත් සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ මාර්ගගත අධ්‍යාපනය ප්‍රාථමික ශ්‍රේණියේ දරු දැරියන් සඳහා කිසිසේත් නොගැලපෙන්නක් බවයි.
ප්‍රාථමික ශ්‍රේණියේ දරුදැරියන් අනිවාර්යෙන් එම අධ්‍යාපනය පාසලට ගොස් ලබාගත යුතු බවත් එම අත්දැකීම මාර්ගගත ක්‍රමවේදයන් හරහා කිසේත් සාක්ෂාත් කරගත නොහැකි බවත් ඔහු අවධාරණය කරනවා.
කෙසේ වෙතත් මෙම සති අන්තයේ දී ඉදිරි සති දෙක සම්බන්ධයෙන් රජය ගනු ලබන තීරණය පිලිබඳ අවසන් තීරණයක් නිකුත් වනු ඇති බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ. එහිදී එළැඹෙන ඕනෑම තත්ත්වයක් යටතේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට අවශ්‍ය පියවර මේ වන විටත් අධ්‍යාපන බලධාරීන් සමඟ සාකච්ඡා කර අවසන් බවත් ඔහු සඳහන් කළා.
මීට අමතරව ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදයත් සමග පෝෂදායී ආහාර වේලක් දරුදැරියන්ට නොලැබිම සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යංශයේ දැඩි අවධානය යොමුවී ඇති බවත් ඔහු සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |