පාසල් නිවාඩුව කෙටි කරනවා..! සිසුන් වෙනුවෙන් විශේෂ වැඩ පිලිවෙලක් - අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Ministry of Education A D Susil Premajayantha Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 22, 2022 12:35 PM GMT
Report

පාසල් දරුවන්ට අහිමිවූ කාලය කළමනාකරණය කිරීම සඳහා අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවා‍ඩුව කෙටිකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රකාශ කළේය.

ප්‍රාථමික, ද්විතියික, උසස් ‍පෙළ සිසුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ගණනාවක් මේවනවිට සැළසුම් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා අගොස්තු, දෙසැම්බර් නිවාඩු කෙටි කිරීම තුළින් අපේක්ෂා කරන්නේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ලබාදීම බවද සඳහන් කළේය. 

 කොවිඩ් පැතිරීම හේතුවෙන් 2020 හා 2021 වසරේදී දරුවන්ට විශාල කාලයක් අහිමිවූ බවද අමැතිවරයා සිහිපත් කළේය. ඉන්ධන අර්බුදය හමුවේ නාගරික පාසල් ප්‍රමාණයක් මෙම සතියේ නොපැවැත්වුවද ග්‍රාමිය පාසල් විශාල ප්‍රමාණයක් පවත්වාගෙන යෑමට හැකිවූ බවත් ලබන සතියේ සිට පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවේ යැයි තමන් විශ්වාස කරන බවත් ඇමතිවරයා පැවසීය.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්, විරසුමන වීරසිංහ, ‍ ප්‍රේමනාත් සී දොලවත්ත යන මහත්වරුන් මතුකරන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේ පසුගිය සතියේදී දිවයින පුරා පාසල් 9567 ක් පැවැත්වූ බවයි. එලෙස පැවැත්වූ පාසල් අතරින් ගුරුවරුන්ගේ පැමිණීම සියයට හැටහතක ප්‍රතිශතයක් වන අතර මෙම සියළු දත්ත අධ්‍යයනය කරමින් ලබන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් සිකුරාදා වනවිට තීරණයක් ගන්නා බවත් ඔහු කීවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now