සියලු පාසල් සඳහා නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කෙරේ..!
Ministry of Education
Sri Lanka
By Sithumi
ලබන සඳුදා (13) රජයේ සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබාදී තිබෙනවා.
මේවන විටත් ජුනි (14) අඟහරුවාදා දිනය ද රජයේ නිවාඩු දිනයක් ලෙසටයි ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර රජයේ කාර්යාල සඳහා ද ලබන සඳුදා (13) විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
පවතින ප්‍රවාහන අපහසුතා සහ විදුලිය නොමැති අවස්ථාවලදී කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී මුහුණදෙන ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |