අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය සහ හැටන් කලාපවල සියලුම පාසල්වලට නිවාඩු

Sri Lankan Schools Latest Headlines Sinhala news Puwath.lk School Holiday
By R.rishma Aug 03, 2026 06:06 AM GMT
Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප යටතේ පාලනය වන සියලුම පාසල් සඳහා අද (03) දිනයේ නිවාඩු ලබාදී තිබේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ, සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

එමෙන්ම, පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් හැටන්, නුවරඑළිය, කොත්මලේ, ගම්පොළ, තෙල්දෙනිය සහ මහනුවර අධ්‍යාපන කලාපවල පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ප්‍රදේශයේ තත්ත්වය අනුව සුදුසු තීරණ ගැනීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පළාතේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙමින් පවතින අතර, අවශ්‍ය අවස්ථාවලදී නිල දැනුම්දීම් පිළිපදිමින් කටයුතු කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.