දිස්ත්‍රික්කයක සියලු පාසල් ශිෂ්‍යාවන් වට්ස්අප් සමග සම්බන්ධ කරයි..

Police spokesman Sri Lanka Police Ministry of Education Jaffna Education
By Aruna Jun 26, 2023 12:00 AM GMT
Report

යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි සියලුම් බාලික විදුහල්හි සිසුවියන් හා ඔවුන්ගේ දෙමාපියන් වටස්අප් මෘදුකාංගය ඔස්සේ සම්බන්ධ කිරීමේ වැඩසටහනක් යාපනය පොලීසිය විසින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

යාපනය නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත් මහතාගේ උපදෙස් පරිදි යාපනයේ සියලු පොලිස් ස්ථාන වෙතට දැනුම්දී පොලිස් නිලධාරීන් මාර්ගයෙන් බාලික පාසල්හි විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සම්බන්ධ කරමින් වටස්අප් ගෘෆයන් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

එහිදී සෑම පාසලකම පංතිභාර ගුරුවරයා විසින් අදාල වටස්අප් ගෘෆයන් පාලනය සිදුකල යුතු අතරම සියලුම ශිෂ්‍යාවන් අදාල ගෘෆයට සම්බන්ධ කරගැනීමටත් ශිෂ්‍යවන් නොමැති නම් දෙමාපියන් හෝ අදාල ගෘෆයට සම්බන්ධ කිරීමට පියවර ගෙන ඇති අතරම වටස්අප් ගෘෆයන්හි තොරතුරු හුවමරුව පිලිබඳව දෙමාපියන්ගේ අධික්ෂණයෙන්ද ක්‍රියාත්මක වෙයි.

යාපනය පොලීසිය පැවසුවේ,මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුව වූයේ, පසුගිය දින කිහිපය තුලදී යාපනය බාලික පාසල්හි සිසුවියන්ට බාහිර පුද්ගලයින්ගෙන් සිදුවූ බාධාවන් හා විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිළි හා සිදුවීම් සැලකිල්ලට ගනිමින් බවයි.

එමෙන්ම පාසල් සිසුවියන් නිවසින් පාසල්ට පැමිණීම නියමිත් වෙලාවන්වලට නිවසට ආපසු ඒම දක්වා කාලය තුල අවශ්‍ය කෙරෙන තොරතුරු අදාල ගෘෆයන් හරහා දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් හුවමාරු කරගැනීමට හැකියාව පවතින අතරම එමගින් ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීම ප්‍රධාන අරමුණ වී ඇත.

මේ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ, පාසල් සිසුවියන් පාසල් වෙතට රැගෙන එන බස් ඇතුලු වාහනවල සියලුම රියදුරන්ගේ තොරතුරුද පොලිස් ස්ථාන මගින් රැස්කරගන්නා ලෙසටයි.