තවත් පාසල් දැරියක් අතුරුදහන්..! තොරතුරු දන්නේ නම් වහාම අමතන්න..

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Jun 10, 2022 01:47 PM GMT
Report

ගම්පොළ ගලහා හයිඩ්වත්තේ පදිංචි දාහතර හැවිරිදි පාසල් දැරියක් පසුගියදා 05වැනිදා සවස සිට අතුරුදන්ව ඇතැයි ඇගේ මව පොලීසියට පැමිණිලි කර තිබේ.

ආර්. ප්‍රියදර්ශනී නමැති ඇය දෙල්තොට පාසලක 10 වසරේ ඉගෙනුම ලබන අතර, පාසල් ගුරුවරියක වන ඇගේ සොයුරිය හා ආච්චී සමග නිවසේ සිටියදී සවස 5ට පමණ ඇය නොමැති බව දැනී අවට නිවාසවල හා කිහිප ස්ථානයක සොයා බැලුවද ඇය මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ඇගේ සොහොයුරිය පවසන්නීය.

පාසලේ 10 වසරේ පන්තියේ පිරිමි ළමයකු සමග ඇය වඩා මිතුරු බවක් තිබූ බවට දැනගන්නට ලැබී ඒ පිළිබද සිදුකළ සොයා බැලීමේදී එම පිරිමි ළමයා මේ වනවිට ඔහුගේ නිවසේ සිටින බවත් ඔහු ඇය ගැන නොදන්නා බවට පවසන බවත් අතුරුදන් දැරියගේ සොයුරිය ප්‍රකාශ කරයි.

ඇය පිළිබද දන්නා අයෙකු සිටී නම් 0787-910688 හෝ 0775-251791 දරණ දුරකථන අංකවලට හෝ ගම්පොළ පොලීසියට දන්වන ලෙසද එම සොයුරිය ඉල්ලා සිටියි. (ගම්පොළ සුරංග දිල්හාන්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now