වැරදුනු දුරකථන ඇමතුමක් ඔස්සේ ගොස් පාසල් දැරියකට ලිංගික අතවර කළ පුද්ගලයා..ඔබේ මල් කැකුළ ආරක්ෂා කරගන්න..!

crime School girl Anuradhapuraya Siyabalava Rabava
By Sewvandhi Mar 24, 2022 05:11 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

නීතිඥවරයකුගේ රියැදුරකු ලෙස ව්‍යාජ රංගනයක යෙදී, බාලවයස්කාර පාසල් දැරියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ලිංගික අපයෝජනයක් සිදු කළ තරුණයකු පෙරේදා (22 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සියඹලෑව, රඹෑව පදිංචි 28 හැවිරිදි අයෙකි. මොහු ගංජා භාවිතයට ඇබ්බැහි වූ තරුණයකු බව පොලිසිය පවසනවා.

මෙම බාල වයස්කාර පාසල් සිසුවිය තම ජංගම දුරකථනයෙන් ලබා ගත් ඇමතුමක් වැරදී එය මෙම තරුණයාගේ දුරකථනයට යෑමෙන් අනතුරුව මෙම සබඳතාවය ආරම්භ වී ඇති බවත් එම සබඳතාව දුර දිග යෑමෙන් පසු මෙම අපයෝජනය සිදුව ඇති බවත් පොලිසිය වාර්තා කරනවා.

දැරියගේ මව වෙළෙඳාමක නිරත කාන්තාවක බවත් දිවා කාලයේ කිසිවකුත් නිවසේ නොමැති අවස්ථාවල දී මෙම තරුණයා දැරියගේ නිවසට පැමිණ කීපවතාවක් ලිංගිකව හැසිරී ඇති බවත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

පාසල් දැරියගේ නෑනාට දැරියගේ ක්‍රියා කලාපය පිළිබඳව සැකයක් මතු වීම හේතුවෙන් පොලිසියට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

දැරිය ඉදිරියේ නීතිඥවරයකුගේ රියැදුරකු ලෙස පෙනී සිටි මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී ඇත. සැකකරු කාලයක් භාවිතා කළ දුරකථන සිම් පත මාරුකර නව සිම් පතක් ලබා ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කරනවා. 

 දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබුණා. සැකකරු ඊයේ අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ජයන්ත පුෂ්පකුමාර මහතාට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බණ්ඩාර විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් උ.පො.ප දිසානායක, පො.කො. කරුණාරත්න (61364*, පො.කො. අබේසිංහ(75187*, පො.කො. කුමාර (83448* යන නිලධාරීහු විමර්ශන පවත්වනවා. දිවයින


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now