බාලිකා පාසලක සිසුවියන්ට එම පාසලේම හාමුදුරුවරු 04ක් කරපු වැඩේ මෙන්න..(PHOTOS)

Ministry of Education Sri Lanka
By Aruna Oct 30, 2022 02:10 AM GMT
Report

මහරගම ප්‍රදේශයේ පිහිටි බාලිකා පාසැලක සිසුවියන් අපහසුතාවයට පත් කරමින් සිදුවන සිද්ධියක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

එම පාසැලේ සිටින භික්ෂුන් වහන්සේලා සිව් නමක් තමන්ට දෛනිකව දානය සපයන ලෙස සිසුවියන්ට දැනුම්දී ඇති බවයි එහිදී අනාවරණ වුණේ.

ඒ අනුව නම් වශයෙන් සඳහන් කර එක් එක් සිසුවිය ගෙන ආ යුතු ආහාර සහ වෙනත් ද්‍රව්‍ය ලේඛනයක් ද මෙහිදී සකස් කරන බවටයි වාර්තා වන්නේ.

ඇතැම් දිනවල මෙම ලේඛනයට ආහාර වර්ග 20 කටත් වඩා අයත්.

ඇතැම් ලැයිස්තුවලට කිරිබත් කැබලි 25 ක් සහ ඉඳිආප්ප 60 ක් මෙන්ම මස් හා මාළුවර්ග ද ඇතුලත් කර තිබෙනවා.

කිරිබත් කැබලි 25 ගෙන ආ යුත්තේද එක් සිසුවියක් විසින්.

ඇතැම් සිසුන්ට දානය සඳහා ඉස්සන් වෑංජනයක්ද රැගෙන එන ලෙසයි දන්වා ඇත්තේ.

දානයට අමතරව පිරිකරක්ද ලබාදෙන ලෙස දැනුම්දී ඇති බවට වාර්තා වනවා.

එක් පන්තියකට එක් දිනයක් බැඟින් මේ සඳහා වෙන් කර ඇතැයි සඳහන්.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් පිරිස් පැවසුවේ, රට තුළ ආහාර අර්බුදයක් පවතින පසුබිමක හා දරුවන් ඉන් පීඩාවට පත්ව ඇති පසුබිමක මෙවන් සිද්ධීන් අනුමත කළ නොහැකි බවයි.

දානයට අදාල ලේඛණයක් පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery