පාසල් දැරියකට අතවර කළ බැංකු නිළධාරියා.

Sri Lanka Sexual harassment Child Abuse
By Sithumi Dec 08, 2022 01:42 PM GMT
Report

සිය මෝටර් රියේ නංවාගෙන කොළඹ ප්‍රදේශයේ රථගාල්වලට ගොස් ප්‍රසිද්ධ පාසලක 9 වන ශ්‍රේණීයේ දැරියක බරපතළ ලිංගික අතවරයක් කළැයි බම්බලපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් පෞද්ගලික බැංකු නිලධාරියකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා අද  (08) නියෝග කළා.

  කිරුළපන ඇවනිව් කිරුළපන පදිංචි ප්‍රභාත් අනුර නමැති පනස් හැවිරිදි කුරුදුවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක නිලධාරියෙකුයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ.

  මෙම සිද්ධිය සම්බන්ධයෙන් බම්බලිපිටිය පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ 14 වියැති වින්දිත දැරියගේ මව වන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක්.  

මෙම සැකකරු මාස තුනක පමණ කාලයක සිට මෙම දැරිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්විමින් සිට ඇති අතර, සැකකරුගේ මෝටර් රියෙන් දැරිය රැගෙන ගොස් කොළඹ ප්‍රදේශයේ විවිධ ස්ථානවලදී දැරියට මෙම අතවරය සිදුකර ඇති බව බම්බලිපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. 

  ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තබා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now