පාසල් වැසීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ..
Abbas
Ministry of Education
Ceylon Petroleum Corporation
Sri Lanka
By Sithumi
2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නවතම නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීමට අදාළව හෙට (20) දිනයද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එම තීරණය ගෙන තිබේ
. ඒ අනුව, 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පළමු පාසල් වාරයේ දෙවන අදියර 2022.06.06 වනදා නැවත ආරම්භ කෙරේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |