මාර්තු 15 සියලු පාසල් කටයුතු නවතීද..? ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයෙන් දැඩි තීරණයක්..!

Sri Lanka Sri Lanka Anti-Govt Protest Sri Lankan Schools
By Sewvandhi Mar 12, 2023 12:23 PM GMT
Report

 ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සදහන් කලේ, මෙම මස 15 වනදා ගුරු - විදුහල්පති වැඩ වර්ජනය ස්ථිරවම පැවැත්වෙන බව පවසයි.

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය, නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, 15 වනදා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍රවල සියලුම වෘත්තීය සමිති එක්ව කැඳවා අති "ආණ්ඩුවේ පීඩනයට එරෙහිව වැඩ කරන ජනතාවගේ විරෝධය" නමින් වූ එක්දින වැඩ වර්ජනයක් සංවිධානය කර ඇති බවය.

එම වර්ජනයට සියලුම ගරු - විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු, උපකෘත පාඨශාලා ගුරුවරු සම්බන්ධ කිරීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, දිවයින පුරා පාසල්වල සියලු ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු, උපකෘත පාඨශාලා ගුරුවරු සහ ගුර උපදේශකවරු ඉල්ලීම් 8ක් වෙනුවෙන් එම වර්ජනයට සහභාගී වන බව එම නිවේදනයේ දැක්වේ.

මේ අතර දිවයින පුරා කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් උද්ඝෝෂණවල තිරත වීමද සිදුකරනු බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පවසයි.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now