පාසල් වසා තැබීමේ කාලය තවත් දීර්ඝ කරයි..! අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..!
Ministry of Education
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sewvandhi
ලබන සඳුදා සිට සතියක කාලයක් දිවයිනේ සියලුම පාසල් නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජුලි මස 4 වන දිනද ඇතුලත්ව ජුලි මස 8 වන දින දක්වා රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් වසා තැබෙනු ඇති. පවතින ඉන්ධන අර්බුදය හමුවේ ප්‍රවාහන පහසුකම් සපයාගැනීමට නොහැකි වීම ඊට හේතුවයි.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් සහ පළාත් අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් සමග අද(03) අධ්‍යාපන අමාත්‍යංශයේ පවතී හමුවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
නිවේදනය පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |