පාසල් වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්..!

By Sewvandhi Jun 27, 2022 03:24 PM GMT
Report

බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිත පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පාසල් 07/10 දක්වා වසා තැබීමට තීරණය කෙරේ.

අනිකුත් ප්‍රදේශවල පාසල් පැවැත්වීමට විදුහල්පතිවරුන්ගේ තීරණය අනුව සිදු කිරීමට අනුමැතිය ලබා ලබාදෙන බව  අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කිරීමට රජය තීරණය තිබේ.

අද පැවති කැබිනට් රැස්වීමේදී ගනු ලැබූ තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවක් වෙත එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

ඒ අනුව වරාය නැව් තොට, සෞඛ්‍ය අංශ අත්‍යවශ්‍ය ආහාර පාන බෙදාහැරීම් කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනය යනාදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම  සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් සහ පෙට්‍රල් ලබාදෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එළඹෙන 10 වනදා දක්වා කෙටිදුර සඳහා අවශ්‍යකරන පොදු ප්‍රවාහන සේවය ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ හරහා ලබාදීමට කටයුතු යොදා ඇත. මේ අතර පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අන්තර් පළාත් ගමනා ගමනය බොහෝදුරට අත්හිටුවීමට සිදුවන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now