ලෙඩ නිවාඩු දාලා සේවයට ඇවිල්ලත් නෑ.. විරෝධතාවයක් නිසා පාසලක් වැසෙයි..

Ministry of Education Sri Lanka Sri Lankan Schools
By krishani Jun 20, 2023 09:03 AM GMT
Report

අම්බලන්ගොඩ, ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහරදීමේ පුවතක් වාර්තා වේ.

ඒ එම පාසලේ විදුහල්පතිවරයාගේ නිල කාමරය තුළ දී ඊයේ(19) පෙරවරුවේ සිසුවෙකුගේ පියෙක් විසින් පහරදුන් බවටයි.

පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ, විදුහලේ බැට්මින්ටන් ක්‍රීඩාව මුල්කර ගත් ගැටලුවක් හේතුවෙන් එම පහරදීම සිදුකර ඇති බවයි.

පහරකෑමට ලක් වූ බව පැවසෙන විදුහල්පතිවරයා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

එම පහරදීමට විරෝධය දක්වමින් විදුහලේ අධ්‍යයන හා අනධ්‍යයන සේවක මණ්ඩලය ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් අද (20) දිනයේ අනුගමනය කර තිබෙනවා.

මේ හේතුවෙන් අද විදුහලේ වැඩකටයුතු සාමාන්‍ය පරිදි නොපැවැත් විය.

විදුහලේ 152ක් වන ගුරුවරුන් අතුරින් අද පාසල් පැමිණ සිටියේ 05දෙනෙක් වන අතර 26ක් වන අන්ධ්‍යයන කාර්යය මණ්ඩලයෙන් පාසල් පැමිණ සිටියේ දෙදෙනෙක් ය.

අදාළ සිදුවීම හේතුවෙන් 3,500ක් වු සමස්ත පාසල් සිසුන්ගෙන් පාසල් පැමිණ සිටියේ සිසු සිසුවියන් 200කටත් අඩු පිරිසක් වේ.

කෙසේවෙතත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පැමිණ පරීක්ෂණයක් පවත්වන බව වාර්තා වේ.