හදිසියේම පාසල් නිවාඩුව දීර්ඝ කරයි..එලෙස දීර්ඝ කළ පාසල් ගැන දැනුම්දීමක්..
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය හේතුවෙන් අද සිට බ්‍රහස්පතින්දා දක්වා මහනුවර නගරයේ පාසල් වසා තැබීමට තිරණය කර තිබේ.
අද, හෙට සහ බ්‍රහස්පතින්දා යන දිනවල මහනුවර නගරය තුළ පාසල් සඳහා විශේෂ නිවාඩු ප්‍රකාශයට පත් කර ඇති අතර බදාදා දිනයේදී පොහොය හේතුවෙන් පාසල් වසා තැබෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අගෝස්තු 31 වනදා දක්වා රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා මහනුවර නගරයට පැමිණෙන බැතිමතුන් විශාල සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් පාසල් වසා දැමීමට තීරණය කර තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ උපදෙස් පරිදි නිකුත් කර ඇති නියෝගවලට අනුව මහනුවර නගරයේ සිට කටුගස්තොට පාලම, පේරාදෙණිය පාලම සහ ගන්නෝරුව හන්දිය දක්වාත්, වැව වටේ සිට අම්පිටිය සහ තණනැකුඹුර පාලම දක්වාත් පිහිටි පාසල්වලට නිවාඩු ප්‍රකාශයට පත් කර තිබේ.
මීට අමතරව දොඩම්වල රාජකීය ප්‍රාථමික විද්‍යාලය, බෝවලවත්ත සහ හන්තාන යන පාසල්වලට ද නිවාඩු ප්‍රකාශයට පත් කර තිබේ.