හදිසියේම පාසල් වසා දැමීමක් ගැන දැනුම් දීමක්..ජුනි 19 සිට ජූලි 5 දක්වා වසා දමයි..
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කොට ඇතැයි තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා ප්‍රකාශ කරයි.
මෙවර ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භවී ජූලි මස 03 දින මහ පෙරහර පවත්වා පසු දින මැණික් ගගේ දිය කැපීමෙන් පසු නිමාවට පත්වීමට නියමිතව තිබේ.
මෙම පෙරහර මංගල්‍යය නිමිත්තෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණීමට නියමිත පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබා දීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා ඇත.
මේ අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල, හා දෙටගමුව විදුහල පොලීසිය වෙත භාරදීමට නියමිතව පවතී.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පවසන්නේ, නිවාඩු ලබා දෙන පාසල් ජූලි මස 05 දින යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.
මේ අතර, රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් අද (12) යළි විවෘත කෙරුණා.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මැයි මස 29 වනදා සිට සති දෙකක කාලයක් පැවැත්වීම හේතුවෙන් පාසල් වසා දමනු ලැබීය.
9අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, 2023 පළමු අධ්‍යයන වාරයේ තුන්වන අදියර සඳහා පාසල් අද යළි විවෘත වන අතර එය ජූලි 20 වනදා දක්වා පවතිනු ඇති බවයි.
2023 වසර සඳහා වන දෙවන පාසල් වාරය ජූලි මස 23 වනදා ආරම්භ වීමට නියමිත අතර එය ඔක්තෝම්බර් මස 13 වනදායින් අවසන් වීමට නියමිතයි.
මීට පෙර නිවේදන නිකුත් කර තිබියදීත්, අධ්‍යාපන අමාත්‍යාංශය විවිධ කරුණු හේතුවෙන් පාසල් දින දර්ශනය අවස්ථා කිහිපයකදී සංශෝධනය කළේය.