ප්‍රධාන පලාතක හදිසි පාසල් නිවාඩුවක් ගැන දැනුම් දීමක්..
දකුණු පළාතට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා අවදානම් සහිත ප්‍රදේශවල පාසල් නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පවරා ඇති බවට දැනුම්දී ඇත.
පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය අභිමුව මෙම තීරණයට එළැඹ ඇති බවයි.
මේ අනුව දකුණු පළාතේ ගංවතුර තත්ත්වය තරමක් ඉහළ ගොස් ඇති අතර නිල්වලා ගඟ ද මේ වනවිට පිටර ගලන බවයි වාර්තා වන්නේ.
එමෙන් ම පළාත් කිහිපයකටද නායයෑම් අනතුරු නිකුත් කර ඇති අතර මාතර මාවරල ප්‍රදේශයේ පුද්ගලයෙකු ද දිය පහරට ගසා ගොස් අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 5ක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා එම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය පැවසීය.
මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට දෙවන මට්ටමේ සහ අකුරැස්ස, අතුරලිය, පස්ගොඩ, මුලටියන, කොටපොළ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයවලට පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙළුව, බද්දේගම, යක්කලමුල්ල, ඇල්පිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයවලට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටද පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය.
ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |