සියලු පාසල් වල පළමු ශ්‍රේණියට අලුත් විෂයක් එකතු වෙයි..

Ministry of Education Parliament of Sri Lanka A D Susil Premajayantha Japan Sri Lanka Relationship Education
By Aruna Jun 22, 2023 07:30 AM GMT
Report

ජපන් රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට විශේෂ අවසරයක් හිමිව ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

කැබිනට් මණ්ඩලය හරහා ඒ සඳහා විශේෂ අනුමැතියක් හිමිවු බවයි,අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර සිටියේ, ඒ අනුව, ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ජපන් භාෂාව දරුවන්ට ඉගැන්වීමට අදාළ කටයුතු මේ වනවිට සුදානම් කරමින් යන බව ද අමාත්‍යවරයා කියා අවධාරණය කළා.

අද වනවිට ජපන් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් 5000කින් යුත් ජපන් භාෂා පුහුණුලාභීන්ගෙන් සමන්විත සංචිතයක් ආරම්භ කිරීමේ වැඩසටහනක් දියත් කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.