අධික වේගයෙන් ගිය පා පැදියක් තාප්පයක ගැටී පාසල් සිසුවෙක් මරුට.
Ministry of Education
Accident
By Aruna
අනතුරට හේතුව පාපැදියේ තිරිංග නොමැති වීම දික්වැල්ල උඩදෙණිය ප්‍රදේශයේ සිදුවූ පාපැදි අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ.
පොලිස් මූලස්ථානය සදහන් කළේ පාසල් දරුවන් දෙදෙනෙකු පාපැදියෙන් ගමන් කරමින් සිටියදී එය පාලනය කරගත නොහැකිව තාප්පයක ගැටී අනතුර සිදුව ඇති බවය.
අනතුරින් තුවාල ලැබූ පාපැදියේ ගමන් කළ සිසුන් දෙදෙනා දික්වැල්ල රෝහලට ඇතුළත් කිරිමේ දි එහි ඉදිරිපස ගමන් කළ සිසුවා මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 13 හැවිරිදි වියේ පසුවූ දික්වැල්ල කෝණ්දෙණිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
තුවාල ලැබු අනෙක් පාසල් සිසුවා මාතර රෝහලට මාරුකර යවා වැඩිදුර ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙයි.
පාපැදියේ තිරිංග නොමැතිකමින් එය පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |