පාසල් සිසුන් සම්බන්ධයෙන් චක්‍රලේඛයක් අලුත් කරයි.
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා ඉකුත් මැයි මාසයේ නිකුත් කරන ලද චක්‍රලේඛය සංශෝධනය කිරීම සඳහා අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, විනිශ්චයකාරවරුන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවාවන්වල නිලධාරින්, ජාතික පාසල්වල අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරින් සහ විශේෂ හේතු මත සිසුන් ඇතුළත් කිරීම සඳහා කරනු ලබන ඉල්ලීම් සලකා බලමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
මෙම කණ්ඩායම්වලින් සිසුන් ඇතුළත් කිරීමට ලැයිස්තු වශයෙන් ඉල්ලීම් ලැබෙන නමුත් චක්‍රලේඛය අනුව ලැයිස්තු වශයෙන් එම ඉල්ලීම් සලකා බැලිය නොහැකි යැයි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ සඳහන් වනවා.
එහෙයින් මෙම වෘත්තිය කණ්ඩායම් හෝ පුද්ගලයන් තමාට පාලනය කර ගත නොහැකි සහ චක්‍රලේඛයෙන් ආවරණය නොවන කාරණයක් මත සිය දරුවා අතරමැදි ශ්‍රේණියකට ඇතුළත් කර ගැනීමට කරන ඉල්ලීම් සාධාරණීකරණය කර ගැනීමෙන් පසු අධ්‍යාපන ලේකම් විසින් ඒ සඳහා අනුමැතිය දීම සුදුසු යැයි ද එම යෝජනාවේ සඳහන් කර ඇත.