රට පුරා පාසල් ළමුන්ට සුබ ආරංචියක්.!!

Ministry of Education Sri Lanka Education
By Aruna May 02, 2023 05:22 AM GMT
Report

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගම් විසින් පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමට ගත් තීරණයත් සමඟයි මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ .

පසුගිය 30 වෙනිදා රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමට පියවර ගැණුනා .

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 7 කින්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රුපියල් 10කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15කින්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක් රුපියල් 135කින් වශයෙන් ද අඩු වී තිබුණා.

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 333ක් ද, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 365ක් ද, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 310ක් ද, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 330ක්ද ලෙස මිල ගණන් නව සංශෝධන විය.

එම සංගමයේ සභාපතිවරයා පැවසුවේ, මෙලෙස මිල ගණන් අඩු කිරීම හේතුවෙන් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට තීරණය කළ බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ගාස්තු අඩු කරන ප්‍රතිශතය තවමත් ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now